Saturday, May 4, 2024

General line - 0115112241

කැළණියේ රිය අනතුරකින් කාන්තාවක් මරුට




කැළණිය බස්නැවතුම්පොල අසල සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. 

පොලීසිය පැවසුවේ පදික මාරුවකදී එම කාන්තාව වෑන් රථයක ගැටී අනතුර සිදුව ඇති බවයි. 

අනතුරෙන් මියගොස් ඇත්තේ හැත්තෑ එක් හැවිරිදි  ගෝනවල ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. 

සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරා පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.