බගවන්තලාව කර්කස්වෝල් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට බඹර ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
එහි දී තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් 07 දෙනෙකු බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
මධ්‍යම කඳුකරයේ පවතින වැසි සහිත කාලගුණයත් සමග තේ පදුරු මත බැද ඇති බඹර කූඩු ඇවිස්සීමෙන් මෙවැනි සිද්ධීන් වාර්තා වන බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.