Monday, May 6, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ගේ ඉරණම විපක්ෂය අතේ




හර්තාල් ව්‍යාපාර සඳහා මහජනතාව පෙළගැස්සුව ද උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන්ට එරෙහි විශ්වාස භංග යෝජනාව අත්නොහරින බව එම පළාත් සභාවේ විපක්ෂ මන්ත‍්‍රී වී ජයතිලක පවසනවා. උතුරු පළාත් සභාවේ විපක්ෂ කණ්ඩායමේ තීරණය අනූව වත්මන් මහ ඇමතිවරයාගේ ඉරණම තීන්දු වනු ඇති බවයි වී ජයතිලක මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ. 


මෙම තත්ත්වය සම්බන්ධයෙන් සිය තීරණය ලබන සදුදා ප‍්‍රකාශයට පත් කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පොරොන්දු වී ඇති බව ද වී.ජයතිලක මන්ත‍්‍රීවරයා කියා සිටියා. වත්මන් මහ ඇමතිවරයාට එරෙහිව ක‍්‍රියාත්මක වීමට විපක්ෂය් මන්ත‍්‍රීවරුන් අවස්ථාවක් එන තුරු බලා සිටි බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. පළාත් සභාවේ වත්මන් සභාපතිවරයා මහ ඇමතිවරයා බවට පත්කරවීම තම අපේක්ෂාව බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

කෙසේ වෙතත් විග්නේෂ්වරන් මහ ඇමතිවරයාට සහය පල කරන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම් කේ සිවාජිලිංගම් පැවසුවේ මහ ඇමතිවරයාට එරෙහි විශ්වාස භංගය පරාජය කරන බවයි. 
 

වත්මන් මහ ඇමතිවරයාට නැවත බලය තහවුරුකර පෙන්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ද එම් කේ සිවාජිලිංගම් වැඩි දුරටත් කියා සිටියා. 
වොයිස් කට් - (සිවාංජිලිංගම් - 03*