Sunday, May 5, 2024

General line - 0115112241

වයඹ දකුණ ඇවිද දිනයි 




43 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරග අද (17) පෙරවරුවේ  බත්තරමුල්ල ජපන් මිත්‍රත්ව පාලම අසළින් ආරම්භ වුණා.

එම අවස්ථාවට සියළුම පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 52 ක් හා ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහභාගී වූ අතර  කණ්ඩායම් පිරිමි ශූරතාව  වයඹ පළාත දිනාගත්තා.

එහිදී අනුශූරතාවය මධ්‍යම පළාත දිනා ගත් අතර  කණ්ඩායම් කාන්තා ශූරතාව දිනා ගත්තේ  දකුණු පළාතයි.

කණ්ඩායම් කාන්තා අනුශූරතාව බස්නාහිර  පළාත දිනා ගත්තා.

එම තරගාවලියේ ඡායාරූප පහතින් දැක්වෙනවා.