බස්නාහිර, සබරමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව සහ නැගෙනහිර පළාත්වල ද තැනින් තැන පස්වරු දෙකෙන් පසු වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.