Friday, January 3, 2025

General line - 0115112241

රටවල් කිහිපයකට 2025 නව වසර උදාවෙයි




2025 නව වසර උදා වූ පළමු රට බවට මධ්‍යම පැසිෆික් සාගරයේ පිහිටි කිරිබාටි දූපත පත්ව තිබෙනවා. 

මෙරට වේලාවෙන් පස්වරු 03.30ට පමණ එම දූපතට නව වසර උදාවී තිබෙනවා. කිරිබාටි දිවයිනට නව වසර උදා වී මිනිත්තු 15 කට පසුව නවසීලන්තයේ චැතම් දුපතටද නව අවුරුදු උදාව සිදු වී ඇති බව සඳහන්. 

ඉන් අනතුරුව ජපානය, දකුණු කොරියාව, මැලේසියාව සහ ඕස්ටේ්‍රලියාවේ ඇතැම් ප්‍රදේශවලට ද නව වසර උදාවී තිබෙනවා. එම රටවල් නව වසර උදාව මහත් උත්සව ශ්‍රීයෙන් සමරා ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ ගිනි කෙළි සංදර්ශන පවත්වමින් නව වසරේ සැමරුම් සිදු කරන අකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

මේ අතර ඇමරිකානු  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදු කළ කාලගුණ අනතුරු ඇඟවීම් හේතුවෙන්  ඇමරිකාවේ ඇතැම් නව අවුරුදු සැමරුම් අවලංගු කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.