Friday, September 20, 2024

General line - 0115112241

ඇඹිලිපිටියේ වෙළඳසැල් දෙකක ගින්නක්




ඇඹිලිපිටිය පල්ලේගම නගරයේ වෙළෙඳසැල් දෙකක අද (30) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ රෙදි වෙළෙඳසැලක සහ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි කෙරෙන වෙළෙඳසැලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

පොලීසිය සහ ප‍්‍රදේශවාසීන්, ඇඹිලිපිටිය නගර සභාවේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරීන් එක්ව ගින්න පැතිරයාම මැඩ පවත්වා තිබෙනවා. ගින්නෙන් සිදු වූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ. ගින්නට හේතුවද මෙතෙක් අනාවරණ වී නොමැති බවයි පොලීසිය පැවසුවේ.