Saturday, September 21, 2024

General line - 0115112241

ලොරි රථය ගින්නෙන් දැවෙයි (PHOTOS)




ගිරිතලේ බකමුණ ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ඩිමෝ බට්ටා වර්ගයේ කුඩා ලොරි රථයක් අද (21) දා උදෑසන හදිස්සි ගිනි ගැනීමකට ලක් වීමෙන් එම ලොරි රථයට  දැඩි අලහබනි සිදුව තිබෙනවා.

මෙසේ ගිනි ගැනීමට ලක්ව ඇත්තේ පොලොන්නරුව ඕනෑගම කාලින්ගවිල ප්‍රදේශයේ සිට අත්තනකඩවල දක්වා අලෙවි කිරීම සදහා බිත්තර වී ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් බව පොලිසිය පවසන්නේ.

ලොරියේ ඇති වූ කාර්මික දෝෂයක් ගින්නට හේතු වී ඇති අතර ලොරියේ ගමන් ගත් දෙදෙනෙකු ලොරියෙන් පැන දිවි බේරා ගෙන තිබෙනවා.

මින්නේරිය පොලිසිය මේ පිළිබඳව වැඩි දුර විමර්ශන සිදු කරනවා.