Saturday, September 21, 2024

General line - 0115112241

අවුරුදු 3ක ගැහැණු දරුවෙකු කතරගම දී අතුරුදන් වෙයි 




කතරගම මැණික්ගග ඉවුර ආසන්නයේ ගසක් යට තාවකාලික ඉදිකිරීමක ජිවත් වූ වයස අවුරුදු 3 ක ගැහැණු දරුවෙකු අතුරුදන් වි තිබෙනවා. 

පදික වේදිකාවේ වෙළදාම ජීවිකාව කරගත් පවුලක දරුවෙකුයි මෙලෙස අතුරුදන් වී ඇත්තේ. 

අද අලූයම සිට තම දරුවා නොසිටි බවට ඇයගේ මව කතරගම පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. 

ඒ අනුව පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක‍ෂණයක් ආරම්භ කරනු ලැබුවා. 

ඊයේ රායේ ත්‍රිරෝද රථවලින් පැමිණි තරුණයන් තිදෙනෙකු සම්බන්ධයෙන් සැක පළවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.