Saturday, September 21, 2024

General line - 0115112241

කුණු අයිති මහ ඇමතිට..ජනාධිපතිතුමා කියන තෙක් බලානොසිට ඉවත්විය යුතුයි   - මහ ඇමතිගෙන් ප්‍රකාශයක් 




නිවැරදිව වැඩ නොකරන මහ ඇමතිවරු ජනාධිපතිතුමා කියන තෙක් බලානොසිට ඉවත්විය යුතු බව  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා.

ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේ  පැවැති උත්සවයකදී ඔහු මේබව සඳහන් කළා.


"ජනාධිපතිතුමා පසුගියදා ප්‍රධාන අමාත්‍යවරයෙකුට කියල තියෙනවා මේ වැඩේ කරන්න  බැරිනම් ප්‍රධාන අමාත්‍ය ධූරයෙන් අයින් වෙන්න කියලා .
ජනාධිපතිතුමා කියනකල් ඉන්න ඕන නැහැ අපි , හරියට සේවය කරන්නේ නැතිනම් හරියට වැඩ කරන්නේ නැතිනම් ජනාධිපතිතුමා කියන්න කලින් අපි අයින්විය යුතුයි .මොකද  මහ ඇමතිකම ජනාධිපතිතුමා   දීපු වගකීමක් .කුණු අදින විෂය  විශේෂයෙන්ම පළාතේ ප්‍රධාන ඇමතිවරයාටයි  තියෙන්නේ .පළාතේ ප්‍රධාන ඇමතිවරයාට ඒ වගකීම තියෙනවා."
යනුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක එහිදී වැඩිදුරටත් කියා සිටියා.

මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.