Monday, May 6, 2024

General line - 0115112241

වාහන ආනයනයේ දී සිදු වූ බදු වංචාවක් ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්




පසුගිය වසරේ මෙරටට ගෙන් වූ ප්‍රාඩෝ රථ 407කින් අය විය යුතු රුපියල් මිලියන තුන්දහසක පමණ බදු රජයට අහිමි වී ඇති බව අනාවරණ වී තිබෙනවා. 

රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ වාර්තාවේ මේ බව සඳහන්. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සාමාජික ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා.  

ඔහු කියා සිටියේ,

ලංකාවට වාහන ආනයනය කිරීමේ දී වාහන ආනයන කරුවන් ශ්‍රී ලංකා රේගුවේ ඉන්න සමහර දූෂිත නිලධාරීනුයි ආර්.එම්.බී එකේ දූෂිත නිලධාරින් කණ්ඩායමකුයි එකතු වෙලා වසර ගණනාවක සිට මෙලෙස වාහන ආනයනය කරගෙන යන බවයි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගෙන් ද නෙත් නිවුස් මේ පිළිබඳ කරුණු විමසුවා. 

තමන් මීට පෙර හෙළි කළ කරුණක් මෙම වර්තාව මගින් තහවුරු වී ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.