Monday, May 6, 2024

General line - 0115112241

පහරකෑ වෛද්‍ය හේමන්ත ගුණතිලකට පොලිස් පරීක්ෂණයක් නෑ 




රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ පදනම් ආයනයේ පැවැත්වූ සමුළුවකදී පහරකෑමට ලක් වූ වෛද්‍ය හේමන්ත ගුණතිලක ඒ සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ අදාල සිද්ධිය සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලිසිය වෛද්‍යවරයාගෙන් කටඋත්තරයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදීයි. 

සයිටම් අර්බුදය නිමා කිරීමේ අරමුණින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ විද්වත් සමුළුවක් අතරතුර තේ පැන් සංග්‍රහයක් පවත්වන අවස්ථාවේදී පහරදීම සිදුව තිබුණා. 

පහරකෑමට ලක් වූ එම වෛද්‍යවරයා ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලේ 72 වන වාට්ටුවටයි.