Monday, May 13, 2024

General line - 0115112241

කොටදෙණියාවේ සැහැසි ඝාතකයා හසුවෙයි




කොටදෙණියාව - හෙලගම කිතුල්වල ප‍්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

47 හැවිරිදි ඔහු කිතුල්වල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සැකකරු අද (25) මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙරේදා (23) රාත‍්‍රී 11.00 ට පමණ මෙම සැකකරු තම බිරිඳට සහ දියණියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී තිබුණා.

ඔවුන්ව මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හය හැවිරිදි දැරිය ඊයේ (24) ජීවිතක්ෂයට පත් වුණා.

තුවාල ලැබූ මව සහ නව හැවිරිදි අනෙක් දියණිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.