Tuesday, January 7, 2025

General line - 0115112241

ජනපති සහ නීතිපති අතර හමුවක් අද




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. 

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන් නඩුවල ප්‍රගතිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම අපරාධ නඩු පවත්වාගෙන යාමේදී සිදු වන අපහසුතා පිළිබඳවද එහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වුණා.