Friday, September 20, 2024

General line - 0115112241

‘යුද අපරාධ පරීක්ෂණ ප්‍රමාද කර නැහැ’




ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම උපාය මාර්ගික වශයෙන් ප‍්‍රමාද කරන බවට පළ වන අදහස් බැහැර කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 32 වැනි සැසිවාරය අමතමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ වත්මන් රජය සංහිඳියා කි‍්‍රයාදාමය සහ වගවීම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සෑම පාර්ශ්වයක් සමගම සම්බන්ධ වෙමින් කටයුතු කරන බවයි.

ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිට මේ දක්වාම එම අරමුණ වෙනුවෙන් කි‍්‍රයාත්මක වෙමින් සිටින බවත් සඳහන් කළා. ඉදිරියේදී ද එ් සඳහා දැඩි කැපවීමෙන් යුතුව කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදි වැඩිදුරටත් කියා සිටියේ.

යහපාලනය තුළ නීතියේ ආධිපත්‍ය සහතික කරමින් ශී‍්‍ර ලාංකික සමාජය තුළ සිදුවන ආර්ථික සංවර්ධනයේ ප‍්‍රතිලාභ සියලුදෙනාටම ලබාදීමට ආණ්ඩුව කටයුකු කරමින් සිටින බවත් රටේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් නිර්මාණාත්මක පියවර රැසක් අනුගමනය කරන බවත් මංගල සමරවීර මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළ යාන්ත‍්‍රණය සියලු දෙනාටම විශ්වාසය තැබිය හැකි එකක් විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ලබන වසරේ මාර්තු මාසයේ තමන් මෙම ස්ථානයට පැමිණෙන්නේ වඩාත් සාර්ථක පියවර අනුගමනය කිරීමෙන් පසුව බවද මංගල සමරවීර මහතා මෙහිදී ප‍්‍රකාශ කළා.

90153289_fmmangalasatsideeventon28thjune2016-hrc32-csunandadeshapriya004

90153292_fmmangalasatsideeventon28thjune2016-hrc32-csunandadeshapriya002