Sunday, September 22, 2024

General line - 0115112241

දුම්රිය සේවකයින් 150 ක් වර්ජනයක




දුම්රිය එන්ජින් රියදුරු සංගමය සහ මරදාන දුම්රිය විදුලි බලවේග ධාවනාගාරයේ සේවකයින් මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

ඒ, මරදාන දුම්රිය විදුලි බලවේග ධාවනාගාරයේ ප්‍රධාන අධීක්ෂණ කළමණාකාරවරයාට පිළිගත් ක්‍රමවේදයෙන් බැහැරව ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පවසමින්. 

විරෝධතාවේ නිරත දුම්රිය සේවකයින් දුම්රිය විදුලි බලවේග ධාවනාගාරයේ කළු කොඩි ඔසවා ඊට විරෝධය පළ කර ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැදවුම්කරු එස් පී විතානගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

අදාළ ස්ථාන මාරුව අවලංගු කරන තෙක් සිය සේවකයින් වර්ජනයේ නිරත බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.