Sunday, September 22, 2024

General line - 0115112241

මුතුරාජවෙලටත් කුණු දාන්න බැරි වෙයි




මුතුරාජවෙල අභය භූමියට කැළි කසල බැහැර කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉකුත් (14) වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබුණා.

කොළඹ නගරය තුළ එකතු වන කැලි කසල මුතුරාජවෙල ප්‍රදේශයට බැහැර කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්, පරිසරවේදීන් සහ ආගමික නායකයින්ද දැක්වූයේ දැඩි විරෝධයක්.

මේ නිසා මීගමු කලාප ප්‍රදේශය සහ මුතුරාජවෙල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට ද බලපෑම් එල්ල වී ඇති බවද පෙන්වා දුන්නා. 

මුතුරාජවෙල ප්‍රදේශයට කැලි කසල බැහැර කිරීම නවතා පරිසරයට මෙන්ම ජනතාවට ද හානි නොවන අයුරින් ගැටළු විසඳීමට කටයුතු කරන ලෙසයි එම පිරිස් රජයෙන් හා කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලා සිටින්නේ. 

මේ අතර ඊයේ (04) මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදීයි තීරණය කෙරුණේ  මුතුරාජවෙල දෑලතුර ප‍්‍රදේශයට කැළි කසල බැහැර කිරීම ලබන සිකුරාදායින් පසු නතර කිරීමටයි.