Sunday, May 19, 2024

General line - 0115112241

පාසල් නිල ඇඳුම වෙනස්වෙයි




ඩෙංගු මදුරුවන්ගෙන් ආරක්‍ෂාවීම සදහා සුදුසු පරිදි ශරීරය ආවරණය වන ඇදුම් ඇදීමට පාසල් සිසුන්ට අවසර ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ  පාසල් ශිෂ්‍යාවන් සහ පහළ ශ්‍රේණිවල සිසුන් වැඩි වශයෙන් ඩෙංගු රෝගයට ගොදුරුවී ඇති බව සෞඛ්‍ය අංශ සිදුකළ අධ්‍යයනයකදි හෙළි වී ඇති බවයි.

ඒ අනුව පාසල් සිසුවියන්ට ගවුමට අමතරව ශරීරය ආවරණය කර ගැනීමට සුදුසු ඇදුමක් භාවිතා කිරීමට තාවකාලිකව අවස්ථාව සලසා දෙනු ඇති. පහළ ශ්‍රේණිවල පාසල් සිසුන්ට කොට කලිසම් වෙනුවට දිග කලිසම් ඇදීමටද අවසර ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඊට අදාළ චක‍්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවද බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.