Sunday, May 19, 2024

General line - 0115112241

යුද අපරාධ චෝදනා පිළිගන්නේ නැහැ - නව හමුදාපති




යුද අපරාධ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා යුද හමුදාවට එල්ල වන චෝදනා පිළිගත නොහැකි බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 22 වන යුද හමුදාපතිවරයා ලෙස අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී වැඩ භාරගැනීමෙන් පසු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.

යුද හමුදාවේ ශක්තිය විනය හැ කැපකිරීම් බවයි ඔහු පැවසුවේ. චෝදනා නගන්නෙ ඇහින් දැකපු දෙයක්ද? අහපු දෙයක්ද? ඒ පිළිබඳව සැකයක් තිබෙනව. යුද බිමේ හිටපු හිටපු නිලධාරියෙක් කෙනෙක් විදියට මම දන්නව නිලධාරීන්වත් සෙසු නිලයන්වත් එවැනි දේවල් වලට සහභාගී වුණේ නැහැ. චෝදනාවක් තිබෙනව. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනව. ඒවාට අවශ්‍ය සහයෝගය දෙනව. කවුරුහරි වරදක් කරල තියෙනවනම් දඳුවම් කරනව. හමුදා සාමාජිකයින් නීති දෙකකට යටත්. දණ්ඩ නීති සංග්‍රහයට සහ හමුදා නීතියට.