Sunday, May 19, 2024

General line - 0115112241

සංසාර චක්කරේ වගේම මේ ව්‍යවස්ථාවෙන්මද හැමදාම යන්න කියන්නෙ




යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

අස්ගිරි මහා විහාරයට රැස් වුණු ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ඊයේ තීරණය කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් දැක්වුයේ මෙලෙසයි. 
 

"ලක්ෂ 62ක ජනතාවක් දුන් ජනවරම උඩයි අපි වැඩ කරන්නෙ. මේ සංසාර චක්කරේම මේ ව්‍යවස්ථාවෙන් කරන්නද ව්‍යවස්ථාවක් එපා කියන්නෙ. 77දී ජේ ආර්ගෙ ව්‍යවස්ථාව පට්ට පතුරු ගහල දැන් කියනව ඒක හොඳයි කියල. අලුත් ව්‍යාවස්ථාව එළියට ආවම හොඳද නරකද වෙනස් වෙන්න ඕන මොනවද ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන්."

සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකරද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මේ සියළු දේ සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් හරහා බවයි.

මේ වෙද්දි අවසන් කෙටුම්පතකට එන්නයි දැන් උත්සාහ කරන්නෙ. එතන විවිධ අදහස් තියෙනව. අපි වගකීම බාර ගන්නව ජනතාවට පුළුල් අදහස් සහිත ව්‍යවස්ථාව ගේන්න. මේ වෙද්දි අවසන් කෙටුම්පතකට