Tuesday, September 17, 2024

General line - 0115112241

පපුවේ අමාරුවට බෙහෙත් ගන්න සිංගප්පූරු ගිය කරූට වෙන ලෙඩක්!



කතානායක කරු ජයසූරිය මහතා සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ තවදුරටත් ප‍්‍රතිකාර ලබනවා. දේශපාලන ආරංචි පවසන්නේ මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක යෙදී සිටින අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (19) මවුන්ට් එළිසබෙත් රෝහලට ගොස් කරු ජයසූරිය මහතාගේ සුවදුක් විමසීමට නියමිත බවයි.

කරු ජයසූරිය මහතා හෘද රෝගයකින් පීඩා විඳින බව මීට පෙර වාර්තා වුණා. කෙසේ වෙතත් ඔහුට ඇත්තේ හෘද රෝගයක් නොව විෂ බීජයක් ආසාදනයෙන් ඇති වූ රෝග තත්ත්වයක් බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ. මේ වන විට ඔහු සුව අතට හැරෙමින් ඇතැයි ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.