Sunday, September 22, 2024

General line - 0115112241

රහස් පිටට දුන් ඇමති ටීබී කැපේ!




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රහස් සාකච්ඡා සඳහා රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක එක්කර නොගැනීමට තීරණය කර තිබෙනවා. පක්ෂ අභ්‍යන්තර ආරංචි පැවසුවේ ඔහු ඉකුත්දා මාධ්‍යයට කර ඇති ප‍්‍රකාශයක් ඊට හේතු වූ බවයි. 
අමාත්‍ය,

රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 18 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන බව ඔහු ඉකුත් දා මාධ්‍යයට ප‍්‍රකාශ කර තිබුණා. ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ස්වාධීන මන්ත‍්‍රීවරු පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් තීරණය කර ඇති බවයි ඔහු ප‍්‍රකාශ කර තිබුණේ. 

අදාළ රහස් සාකච්ඡාවේ දී ගත් මෙම තීරණ අවසරයකින් තොරව මාධ්‍යයට ප‍්‍රකාශ ලබාදීම හේතුවෙන් ඉදිරි සාකච්ඡා සඳහා ටී බී ඒකානායක අමාත්‍යවරයා සම්බන්ධ කර නොගැනීමට එම මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.