Thursday, September 19, 2024

General line - 0115112241

කොට කොට යාම නවතී! මගී ප්‍රවාහනයේ විප්ලවයක්! කන්ද උඩරටින් ඇරඹේ



මගීන්ට හොඳ සේවාවක් ලබාදීමට අවශ්‍ය බස්රථ ප්‍රමාණයට වඩා වැඩි බස් රථ ප්‍රමාණයක් දැනට ලංකාවේ ඇත. එසේනම් ප්‍රශ්නය කුමක්ද? බස් රථ අතර තිඛෙන තරඟයයි. මෙම තරඟයට හේතු බස් රථ සේවකයන් නොවේ. ඊට හේතුව පොදු ප්‍රවාහන සේවය සඳහා වැරදි ක්‍රමවේදයක් භාවිතා කර තිබීමයි. ප්‍රධාන වැරැද්ද නම් බස් රථ වලට ආදායම ලැඛෙන්නේ තම බස් රථයට මගීන් ගොඩ වුවොත් පමණක් වීමයි.

පසුගිය දශක හතර පුරා මෙම වැරැද්ද සිදු විය. එම නිසා හැම බස් රථයක්ම පාරේ සිටින මඟියා කෙසේ හෝ තම බස්රථයට ගොඩ කරගැනීමට වෑයම් කරයි. එම තරඟය නිසා මගින් හට බරපතල දුෂ්කරතා වලට මුහුණ දීමට සිදුවී ඇත. රජය මේ ප්‍රශ්නයට ලබා දී ඇති විසඳුම ඉතා සරලය. එක දිනක දී එක් ධාවන මාර්ගයක ගමන් කළ සියළු බස් රථ ලැබූ මුළු ආදායම සාධාරණ සමානව එම බස් රථ අතරම ඛෙදී යන ක්‍රමයක් මෙම ~සහසර~ ව්‍යාපෘතිය යටතේ සකසා ඇත. එම නිසා වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා බස් රථ වලට එකිනෙක හා තරඟ කර තම බසයටම මගීන් නංවා ගැනීමට අවශ්‍ය වන්නේ නැත. එම වැරැද්ද නිවැරදි කිරීම සඳහා මෙම රජය පියවර ගෙන ඇත.

මගියා බස් ගාස්තුව කොන්දොස්තර මහතාට ගෙවා ටිකට් පතක් ලබාගත හොත් එම මුදල යන්නේ එම බස් රථය වෙතයි. නව ක්‍රමය අනුව ~සහසර~ නමින් පෙර ගෙවුම් කාඩ් පතක් මගියා විසින් මිළ දී ගැනේ. සෑම බසයකටම ඉලෙක්ට්‍රොනික් කාඩ් භාවිතා කරන ටිකට් යන්ත්‍රයක්, ජීපීඑස් යන්ත්‍රයක් සහ සීසීටීවී කැමරා යන්ත්‍රයක් ලබාදෙයි. මගියා ගමන යනවිට සහසර පෙරගෙවුම් පතේ වූ වලංගු මුදල අඩු වී එම දිනයේ එම ධාවන මාර්ගයේ පොදු ගිනුමට මුදල් බැරවේ. දවස අන්තිමට එම දිනයේ ලැබුණු මුළු ආදායම බස් රථ ගමන් කළ වාර ගණන අනුව බස් රථ අතර ඛෙදාදෙනු ලැබේ. මගියාට පසුව තම කාඩ් පත රීලෝඩ් කරගත හැකිය.

මගියා අතේ සහසර කාඩ් පතක් නොවූව ද කිසිදු අපහසුවකින් තොරව ගමන යා හැකිය. මගියාට මුදල් ගෙවා බසයේ කොන්දොස්තරවරයා අතේ ඇති සහසර කාඩිපතින් ගාස්තු ගෙවිය හැකිය. කොන්දොස්තරවරයාට දිනය අවසානයේ දී තමන්ට මගීන්ගෙන් ලැබුණ මුදලින් සිය සහසර කාඩ්පත රීලෝඩ් කරගත හැකිය. බස් රථයේ වගකීම වන්නේ මාර්ගයේ වෙනත් ක්‍රම වලින් ගමන් බිමන් යාමට සිටින මගීන් පොදු බස් රථ කරා යොමුකරගැනීමයි. ඒ සඳහා මගියාට හොඳ සේවාවක් ලබා දීම අනිවාර්යයක්. නිසි වේලාවට බස් රථ ධාවනය විය යුතුය. බසයේ ඇති ධාරිතාවට සුදුසු මගීන් ප්‍රමාණයක් ගමන් කළ යුතුය. මගීන් ගේ සුව පහසුව පිළිබඳ සැලකිලිමත් වියයුතුය. බස් කොන්දොස්තර හා රියදුරු විනීත විය යුතුය. අවදානම් සහගත ලෙස මාර්ගයේ ධාවනයේ නොයෙදිය යුතුය. මෙය සැබැවින්ම පොදු මගී ප්‍රවාහන සේවය තුළ සිදු වන විප්ලවයකි.

Image