උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබඳ සිය සංවිධානය සමග සාකච්ඡා නොකරන්නේ නම් යළි විරෝධතා ක්‍රියා මාර්ගයකට එළඹෙන බව උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පැවසුවේ මෙම ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුව සමග ඊයේ (14) පැවති සාකච්ඡාවට තමන්ට ආරාධනා නොලැබුණු බවයි. ආණ්ඩුවට හිතවත් පාර්ශව කිහිපයක් පමණක් ඒ සඳහා එක්කර ගෙන ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කළේ.
ආණ්ඩුව සිය සංවිධානය අතහැර උමා ඔය ගැටළුව පිළිබඳ සාකච්ඡා පවත්වන්නේ නම් ඉදිරියේ දී ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කරුණු දැක්වූවා.
"අපේ සංවිධානයට සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නැත්නම්, දේශපාලන කල්ලි සංවිධාන සමගනම් මේ ගැන සාකච්ඡා කරන්නෙ, අපි ජනාධිපතිතුමාටත් අනෙකුත් නායකයින්ටත් දැනුම් දෙන්න කැමතියි ජනතාව දස දහස් ගණනක් සමග මහ පාරෙදි හමුවන්න කියල. පසුගිය හර්තාලය කැඳවන්න වුණෙත් දිගින් දිගටම සාකච්ඡා ඉල්ලුව ලැබුණෙ නැති නිසා. හරිතාලයෙන් දවස් තුනකට පස්සෙ ජනාධිපති තුමා සමග සාකච්ඡාවක් ලැබුණ. නැවතත් ඒ ප්‍රශ්න යටගහල ජනතාව මුලාවේ දාන්න හදනවනම් නැවතත් අපට පාරට බහින්න වෙනව මේ පාලකයින්ට එරෙහිව. "
මේ අතර මෙම ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සැප්තැම්බර් මස 15 වනදාට පෙර වන්දි මුදල් ලබාදී අවසන් කිරීමට ඊයේ රැුස්වූ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා. ඒ ස`දහා වන තක්සේරු කිරීමේ කටයුතු අගෝස්තු මස 01 වනදා වන විට අවසන් කිරීමටයි එම කමිටුව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ.