Sunday, September 22, 2024

General line - 0115112241

හදිසියේම කරන්න යන පොලිතින් තහනම නිසා ගැටළු රැසක්




පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති හදිසි තීරණය හේතුවෙන් ගැටළු ගණනාවක් මතුවිය හැකි බව පොලිතීන් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අනුර විජේතුංග ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ මෙවැනි තීන්දුවක් ගැනීමට පෙර ජනතාව සහ ව්‍යාපාරිකයින් දැනුවත් කිරීම සිදු කළ යුතු බවයි. 

"විද්වත් කමිටුවක් හරහා මේ තීරණය ගත්ත කිව්වට ඒ සඳහා කර්මාන්තකරුවන් ඇතුළත්කරගෙන තිබුණෙ නැහැ. තහනම් කරන්න ඉස්සෙල්ල මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන. මිනිස්සුන්ට කියන්න ඕන විකල්ප වලට යොමුවෙන්න කියල. කර්මාන්තකරුවන්ට කියන්න ඕන මෙච්චර කාලයකින් ලන්ච් සීට් භාවිතයෙන් අයින් කරනව. ඔයගොල්ලො වෙනත් කර්මාන්තයකට යොමුවෙන්න කියල."

වෙනත් විකල්පයන් හඳුන්වා දී මෙම තහනම ක‍්‍රියාත්මක කළ යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

"හැම අවුරුද්දෙම මධ්‍යම පරිසර අධිකාරිය මේ කර්මාන්ත සඳහා බලපත්‍ර දීල තියෙනව. අපි ඉල්ලල තියෙනව විකල්පයක් විදියට දිරාපත්වන පොලිතින් වලින් නිෂ්පාදන කරන්න. ඒවා සමාලෝචනය නොකර කරන මේ වැඩවලින් ජනතාව අමාරුවේ වැටෙනව. එක ප්‍රශ්නයක් විසඳන්න ගිහින් ප්‍රශ්න රැසක් ඇතිකරනව."