Sunday, September 22, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් හොරෙන් ගෙනා ග්ලයිෆොසෙට් තොගයක් අල්ලයි




ග්ලයිෆොසෙට් වල් නාශක තොගයක් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ සැකකරුවන් තිදෙනෙකු කල්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කල්පිටිය පනියඩිය තොටුපල අසලදීයි. ග‍්‍රෑම් 100, 500 සහ කිලෝග‍්‍රෑම් 01 ප‍්‍රමාණයේ ග්ලයිෆොසෙට් වල් නාශක ඇසුරුම් 4550ක් එහිදී සිය භාරයට ගත් බවයි පොලිිසිය පැවසුවේ.

එම වල්නාශක තොගය රැගෙන ආ බෝට්ටු දෙකක් ද පොලිස් භාරයය ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ. ඔවුන් අද පුත්තලම මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  

ග්ලයිෆොසෙට් වල් නාශකය උතුරුමැද පළාතේ පැතිර යන වකුගඩු රෝගයට හේතු කාරක වන කෘෂි රසායනිකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රජය මගින් 2015 වසරේ සිට එම වල් නාශකය තහනම් කළේ ඒ අනුවයි.