හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන අතර දී ඊයේ (13) අලූයම පීලි පැනීමට ලක්වූ රාත්රී තැපැල් දුම්රිය පීලිගත කිරීම තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කෙරෙන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය සැලසුම් අධ්යක්ෂ විජය සමරසිංහ පැවසුවේ. බදුල්ලේ සිට ධාවනය දක්වා කොටගල දුම්රිය ස්ථානය දක්වා සීමා වී තිබෙනවා.