Sunday, September 22, 2024

General line - 0115112241

නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප‍්‍රකාශක 19 දක්වා රිමාන්ඩ්




හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක ජූලි මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහු කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික මාධ්‍ය ප‍්‍රකාශකවරයා අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය බදාදායි. එලෙස අත්අඩංගුවට ගත් කොමදෝරු ඩී.කේ.පී දසනායක වැලිසර නාවික හමුදා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අනුව කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ සැකකරු පරීක්ෂා කර බලා සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි. 

වත්තල මහේස්ත‍්‍රාත් පූර්ණිමා පරණගම එහිදී නියෝග කර ඇත්තේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර සුදුසු නියෝගයක් ලබා ගන්නා ලෙසයි. ඒ අනුව අද දිනයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.