Sunday, September 22, 2024

General line - 0115112241

අභයාරාමයට දේශපාලනය තහනම්! උසාවියෙන් නියෝගයක්




නාරාහේන්පිය අභයාරාම විහාරස්ථානය දේශපාලන කටයුතුවලට හෝ වෘත්තිය සමිති කටයුතුවලට යොදා ගැනීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (14) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා විනිසුරු සුජීව නිශ්ශංක මෙම නියෝගය නිකුත් කළේ පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් විසින් ගොනු කර තිබූ නඩුවක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපානු ඇති. 

මෙම නඩුව ගොනු කරමින් පූජ්‍ය පත්බේරියේ විමලඥාණ හිමියන් පෙන්වා දී ඇත්තේ අභයාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය තමන්ට හිමි විය යුතු බවයි. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් නීතියට පටහැනිව එම විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරණ බවද නඩුව මගින් පෙන්වා දී තිබෙනවා. බෞද්ධ සදාචාරයට පටහැනි වන ආකාරයට සහ සමාජය හමුවේ හෑල්ලූ වන ආකාරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තීය සමිති කටයුතුවලට යොදා ගෙන ඇති බැවින් එය වළක්වාලමින් අතුරු තහනම් නියෝගයන් නිකුත් කරන ලෙසයි නඩුව මගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.