Sunday, September 22, 2024

General line - 0115112241

දළදා මාළිගාවට පොලිතින් ප්ලාස්ටික් ගෙන ඒම තහනම්!




මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව හා ඒ ආශ‍්‍රිත පරිශ‍්‍රය අද සිට ප්ලාස්ටික් සහ පොලිතීන්වලින් තොර කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහන අද ආරම්භ වුණා. ‘‘ හරිත පුණ්‍ය භූමි’’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන ආරම්භ කෙරුණේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ ප‍්‍රධානත්වයෙන්.

දළදා මාලිගා පරිශ‍්‍රයේ තබා ඇති නොදිරන කසල බදුන් සියල්ල ඉවත් කර ඒ වෙනුවට දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද කසල බදුන් තැන්පත් කිරීම මේ යටතේ සිදු කෙරෙන කාර්යයක්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වූ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල පවසා සිටියේ

" දළදා මාළිගා පරිශ්‍රය හරිත කලාපයක් ලෙස පත්කරන්න කටයුතු කරල තියෙනව. මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ ප්ලාස්ටික් පොලිතින් කිසිවක් ගේන්න එපා මේ පරිශ්‍රයට කියලයි." ලෙසිනි.