Friday, May 10, 2024

General line - 0115112241

දිනේෂ් චන්දිමාල් වාර්තා පොතට එක්වෙයි




ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වයට පත් සිව්වන ළාබාලතම ක‍්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට දිනේෂ් චන්දිමාල් අද සමත් වුණා. 

ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද ආරම්භ වූ ටෙස්ට් තරගයේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදෙමින්. එමෙන්ම ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක‍්‍රිකට් නායකත්වයට පත් 15 වන ක‍්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා අතරට එක්වනවා. ශ‍්‍රී ලංකාව ටෙස්ට් නායකත්වය හිමිකර ගත් ළාබාලතම ක‍්‍රීඩකයින් අතර අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් පෙරමුණේ පසුවනවා.  

මේ අතර අද තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. කෙසේ වෙතත් සිම්බාබ්වේ මුල් පෙල පිතිකරුවන්ට ස්ථාවර වීමට රංගන හේරත් ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

ලකුණු 70ක් තුළ සිම්බාබ්වේ කණ්ඩායමේ මුල් කඩුලූ 04 දැවී ගියා. රංගන හේරත් කඩුලූ 02ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තා.