Sunday, September 22, 2024

General line - 0115112241

පොලිසි 24ක ලොකු පුටු සෙලවෙයි




පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනෙකුට වහා ක‍්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. සේවයේ අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළ ඩබ්ලිව් එම් එස් බී වික‍්‍රමසිංහ චාවකච්චේරිය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස මාරුකර යවා තිබෙනවා. ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එස් ජේ පී පෙරේරා ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට තිස්සමහාරම පොලිස්  ස්ථානාධිපතිවරයා ලෙස මාරුකර ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

ස්ථාන මාරුවීම් ලැබූ පොලිස් පරීක්ෂකවරුන්ගේ සම්පූර්ණ නාම ලේඛනය පහතින් බලන්න