Sunday, September 22, 2024

General line - 0115112241

ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට




නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 21 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඉන් ධීවරයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ සේරුනුවර ලංකා පටුන මුහුදු තීරයේදීයි. 

තවත් ධීවරයින් 15 දෙනෙකු නිලාවේලි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගැණුනා. 

අදාළ ධීවරයින්ට අයත් යාත‍්‍රා 03ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. 

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත‍්‍රා වැඩිදුර නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.