Sunday, September 22, 2024

General line - 0115112241

නිදන් හෑරූ හත් දෙනෙකු පොලිස් දැලේ




බඩල්කුඹුර මයිලගස්තැන්න ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින් හත් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් පැමිණි මෝටර් රථයක්, ලොරි රථයක් මෙන්ම කැණීම් සඳහා යොදා ගත් දොඹකරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පොල - කුරුණෑගල සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් හත් දෙනෙක්. 

ඔවුන් අද මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.