Sunday, September 22, 2024

General line - 0115112241

ඩෙංගු බෝකළ 30 කට ගැහුව දඩේ




ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයෙන් නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් තිස් දෙනෙකුට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියම කර තිබෙනවා. 

මෙලෙස දඩ නියම කරනු ලැබුවේ ගම්පහ උඩුගම්පොල, ගනේමුල්ල සහ යක්කල යන ප්‍රදේශවල නිවැසියන් පිරිසකටයි. 

ඒ අනූව එක් අයෙකුට රුපියල් තුන්දහස බැගින් රුපියල් අනූ දහසක දඩයක් නියම කිරීමට ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර අද (14) නියෝග කළා. 

එම ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් මොවුන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.