Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවේ සහල් ප්‍රශ්ණයට බංග්ලාදේශය 'අද ජනපති ඉදිරියේ ' දුන්න උත්තරය (PHOTOS)




බංගලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග‍්‍රාමාත්‍ය ශෙයික් හසීනා ඉදිරියේ අද (14) එක් ගිවිසුමක් සහ අවබෝධතා ලියවිලි 13ක් සඳහා අත්සන් තැබීම සිදුවුණා.

එහිදී බංගලාදේශ අග‍්‍රාමාත්‍ය ශෙයික් හසීනා ශ්‍රී ලංකාවට සහල් නිෂ්පාදනය  සම්බන්ධයෙන් ඔවුන්ගේ තාක්ෂණය ලබාදීමට කැමැත්ත  පළ කර තිබෙනවා.

මෙම වසරේ අග භාගයේ දී සහ ලබන වසරේ මුල් කාල සීමාවේ දී දේශීය සහල් සැපයුමේ අඩුවීමක් සිදු විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද අද (14) නෙත් නිවුස් වෙත සඳහන් කර තිබුණා.


පවතින නියං තත්වය හේතුවෙන්  මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර එක් ලකෂ පනස් දහසක් පමණ අස්වද්දා නොමැති බවයි එහිදී ඔවුන් හෙළිකර තිබුණේ.



ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ එරට අග‍්‍රාමාත්‍ය ශෙයික් හසීනා ඉදිරියේ අද (14) අත්සන් කළ ලියවිලි  පහතින් දැක්වෙනවා.

01- දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික  සහ රාජකාරී ගමන් බලපත් වීසාවලින් නිදහස් කිරීම පිළිබද ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා  අත්සන් තැබීම සිදු කළා.


02 - දෙරටේ ප්‍රමිති  ආයතන දෙක අතර ප්‍රමිතිකරණය  සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර විදේශ අමාත්‍ය  රවී කරුණානායක ශ්‍රී ලංකාව වෙනුවෙන්  ඊට අත්සන් තැබුවා.

 03 - දෙරට අතර ආර්ථීක සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය  රවී කරුණානායක  සහ එරට වාණිජ අමාත්‍යවරයායි.

04-කෘෂිකාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර  කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය  වසන්ත අලුවිහාරේ සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අත්සන් තැබුවා.

05-තොරතුරු තාක්ෂණය  සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර නියෝජ්‍ය  අමාත්‍ය  ලසන්ත අලගියවන්න  සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා අත්සන් තැබුවා.

06- ගුවන්විදුලි සහ රූපවාහිනි සංවර්ධනය  සම්බන්ධයෙන් නියෝජ්‍ය  අමාත්‍ය ලසන්ත අලගියවන්න  සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යවරයා  අත්සන් තැබුවා.


07-නෞකා ක්ෂේත්‍රයේ  සහයෝගීතාව  සම්බන්ධයෙන් නියෝජ්‍ය  අමාත්‍ය  නිශාන්ත මුතුහෙට්ටිගම  සහ එරට නාවුක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා  අත්සන්  තැබුවා.


08- විදේශ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබඳ  අවබෝධතා ලියවිලි දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු  ඊට අත්සන් තැබීම සිදු කළා.


09-දෙරට අතර ඇඟලුම් ක්ෂේස්ත්‍රයට අදාළ  අවබෝධතා ලියවිල්ලට ද අත්සන් තැබීම සිදු කළා..