Sunday, September 22, 2024

General line - 0115112241

දවස නිමයි.. ක්‍රෙග් ප්‍රේමදාස පිටිය වර්ණවත් කරයි (UPDATE)




ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 344 ක් රැස්කර ගැනීමට සමත් වුණා.

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරණු ලැබුවා.

එහිදී සුවිශේෂ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ක්‍රෙග් අර්වින් ලකුණු 151 ක් රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරනවා.

 ක්‍රෙග් අර්වින්ගේ ඉනිමට හතරේ පහර 13 ක් සහ එක් හයේ පහරක් ඇතුලත්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ රංගන හේරත් කඩුලු 4 ක් දවාගත්තා. 

අසේල ගුණරත්න කඩුලු දෙකක් දවාගනු ලැබුවා.

 


----------------------------------

සිම්බාබ්වේ පිතිකරුවෙකුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් (14-07-2017 / 15:46)

ශ්‍රී ලංකාව සමග දැන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට ක්‍රෙග් අර්වින් සමත් වුණා. 

ඔහු අද (14) වාර්තා කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දෙවන ශතකයයි. 

පන්දු යැවීමේ දී රංගන හේරත් කඩුලූ 04ක් බිද හෙලීමට සමත් වුණා. 

ළහිරු කුමාර, දිල්රුවන් පෙරේරා සහ අසේල ගුණරත්න අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ පළමු දිනය අදයි.