Sunday, September 22, 2024

General line - 0115112241

දඹුළු විහාරය සමග දේශපාලන කාරණා බද්ද කරන්න එපා - අස්ගිරි පාර්ශවයෙන් ප්‍රකාශයක්




දඹුළු රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු සිදු කිරීමේ දී විහාරාධිපති භාරකාර හිමිවරුන්ගේ අධීක්ෂණයෙන් සිදු විය යුතු බවට හිමිවරුන් සහ පුරාවිද්‍යා නිලධාරින් අද (14) එකඟතාවකට එළඹුණා. 

ඒ අස්ගිරි මහ විහාරයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරවයි. 

රජයේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. 

මේ එහි දී සාකච්ඡා වූ කරුණු පිළිබඳ අදහස් දක්වන අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගොඩ ධම්මානන්ද හිමියන්.

මේ දඹුළු විහාරයෙන් ඉවත් වෙනවා කියන කාරණා සම්බන්ධයෙන් ඒවා මහා විහාරය හැටියට අපිට අදාළ නොවන කාරණා බවත්, අපි බෞද්ධ උරුමය අනුව කටයුතු කරන්නේ අයිතිවාසිකම්, වගකීම අනුවයි. ඒ නිසා යම් ක්‍රියාමාර්ගයක් ගැනීම රජය සතු වගකීමක් හැටියටයි අපි ප්‍රකාශ කරන්න යෙදුණේ. ඒ රජය සමඟ අපි එකඟතාවයෙන්, අමාත්‍ය වරයා සමග සුහඳව සාකච්ඡා මාර්ගයෙන් මේ සියලු කරුණු විසඳා ගත වූ බවයි ප්‍රකාශ කරන්න යෙදුණු. මේ කාරණා සාසනික  වශයෙන් රාජ්‍ය වශයෙන් සිතනවා මිසක් දේශපාලන කාරණා සමග බද්ද කරල කටයුතු කරන්න එපා කියලත් අපි කියනවා.