Sunday, September 22, 2024

General line - 0115112241

ලංකාවේ සංචාරක මුල් පුටුව 'දකුණට මුලින්ම මෝටර් රථයක් ගෙන ගිය' පවුලේ සාමාජිකයාට 




කාවන් රත්නායක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා  ලෙස පත්කර තිබෙනවා.

ඔහු ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපතිවරයායි. 
 

ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකු වන ඔහු  1998 සිට 2007  දක්වා අයි.බී.එම්. සමාගමේ මෙරට ප්‍රධානියා වශයෙන් ද සේවය කරනු ලැබුවා.

ඔහු දකුණු පළාතට මෝටර් රථයක් පළමුවෙන් ගෙන ගිය දෙනියායේ රත්නායක පවුලේ සාමාජිකයකු වනවා.

කාවන් රත්නායක ලේක් හවුස් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ අවස්ථාවේ ඡායාරූපයක් පහතින් දැක්වෙනවා.