Sunday, September 22, 2024

General line - 0115112241

පොලිසියේ  ආරක්ෂාව මැද 'හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක'  දැන්  ජාතික රෝහලට 




රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මේ වනවිට  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ බන්ධනාගාර රෝහලේ උපදෙස් අනුවයි.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඊයේ (13) ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුව බන්ධනාගාර ගත කළ අතර එහිදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

පසුව එහි වෛද්‍යවරු තීරණය කර ඇත්තේ ඔහුව  ජාතික රෝහලට ඇතුළත් කළ යුතු බවටයි.

පොලිස් නිලධාරීන්ට අමතරව බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබෙනවා.