Monday, September 23, 2024

General line - 0115112241

දේශපාලනයේ අඳුරු යුගයක ඇරඹුම ගැන ගෝලීය සංසදයෙන් ප්‍රකාශයක් 




ලංකාවේ දේශපාලනයේ තවත් අඳුරු යුගයක් ඇරඹී ඇති බව වර්තමාන රජයේ ක්‍රියාකලාපය දෙස බලන ඕනෑම බුද්ධිමත් පුරවැසියෙකුට වැටහෙන බව  ශ්‍රී ලංකා ගෝලීය සංසදය පවසනවා. 

රට පුරා කුණු කසල ගොඩගැසෙමින්, ඩෙංගු රෝගය පාලනය කරගත නොහැකි තරමට ව්‍යාප්ත වෙමින්ද  පවතින බවද, ශිෂ්‍ය අරගල, වර්ජන ආදිය දිගින් දිගටම වාර්තා වෙමින් පවතින බවද එම  නිවේදනයේ දැක්වෙනවා. 

රජය කටයුතු කරන්නේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමට නොව තම පැවැත්ම උදෙසා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදීන් මර්ධනය කිරීමට පමණක් යැයි පැහැදිලි වන බවයි එහි සඳහන් වන්නේ.