Monday, September 23, 2024

General line - 0115112241

බැලූම්ගල මෙහෙයුමකින් කේරල ගංජා මහ මොළකරුවෙකු පොලිස් දැලේ




නෙත් එෆ් එම් බැලූම්ගල සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එක්ව සිදු කළ මෙහෙයුමක දී ඉන්දියාවේ සිට කේරළ ගංජා රැගෙන ඒමේ ජාවාරමක ප්‍රධාන සැකකරු ඇතුළු තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ පරන්තන් ප්‍රධාන මාර්ගයේදීයි. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 200 ක් සොයා ගෙන තිබෙනවා. 

ඔවුන් මේවා යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිට තිබුණා. 

ධීවර කටයුතුවලට මුවාවෙන් සැකකරුවන් කේරල ගංජා ජාවාරමේ නිරතව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. 

මෙම ජාවාරමට සම්බන්ධ අතරමැදි තැරවුකාර කාන්තාවක ලබා දුන් තොරතුරු ඔස්සේ මේ පිළිබඳ අනාවරණ කර ගැනීමට නෙත් එෆ් එම් බැලූම්ගල කණ්ඩායමට හැකි වුණා. 

බැලූම්ගලින් හසුකරගත් මෙම කේරල ගංජා ජාවාරමේ වැඩිදුර තොරතුරු ලබන සදුදා නෙත් එෆ් එම් බැලූම්ගලින් බලාපොරොත්තු වන්න.