Sunday, September 22, 2024

General line - 0115112241

අද පස්වරුවේ සිට හෙට අළුයම දක්වා කොළඹට ජල සැපයුම අත්හිටුවයි 




කොටහේන, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස් සහ තොටළඟ යන ප්‍රදේශවලට පැය 12ක කාලයක් අද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. 

අද පස්වරු 02.00 සිට හෙට අළුයම 02.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. 

අඹතලේ සිට එළිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන ජලනළ මාර්ගයේ අත්‍යවශ්‍ය අළුත්වැඩියාවක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බවයි  ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ.