Monday, September 23, 2024

General line - 0115112241

යල කන්නයේ ජල අවශ්‍යතා ගැන මහවැලි අධිකාරියෙන් ප්‍රකාශයක්




යල කන්නයේ ඉදිරි කාල සීමාව සඳහා අවශ්‍ය ජලය මොරගහ කන්ද ජලාශයෙන් නිකුත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මහවැලි අධිකාරිය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා ජලය ඝණ මීටර් දස ලක්ෂ අනූ හතරක් ඇලහැර, මින්නේරිය, ගිරිතලේ, පරාක්‍රම සමුද්‍රය සහ කවුඩුල්ල යන වැව්වලට මුදා හැර ඇති බවයි. 

යල කන්නයේ ඉදිරි මාස 02ක කාලය සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණය සපුරාලීමට මේ වනවිටත් මොරගහකන්ද ජලාශයේ රඳවා ඇති ජල ප්‍රමාණය ඝණ මීටර් දස ලක්ෂ 60ක්. 

වගාවන් සඳහා මේ වනවිටත් අඛණ්ඩව ජලය  මුදා හැරෙන බවයි මහවැලි අධිකාරිය සඳහන් කළේ. 

කෙසේ වෙතත් පවත්වා වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය වඩාත් අරපිරිමැස්මෙන් භාවිත කිරීම ගොවි සංවිධානවල මෙන්ම ගොවි ජනතාව සතු වගකීමක් බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.