Tuesday, May 14, 2024

General line - 0115112241

ලංකාව කඩුලු 7යි- රංගන ලොව පස්වැනියා වෙයි 




ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනයවූ අද දිනය නිමා වනවිට සිය පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 293ක් ලබා සිටියා.

ඒ,සිම්බාබ්වේ පිළ පළමු ඉණිම සඳහා  ලබාගත් ලකුණු 356ට පිළිතුරු ලෙසයි.

සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ලකුණු 160ක් රැස් කළ ක්‍රෙග් අර්වින්. 

පන්දු යැවීමේ දී රංගන හේරත් ලකුණු 116කට කඩුලූ 05ක් දවා ගැනීමට සමත් වුණා. 

ඒ අනුව කඩුලු පහක් ලබාගත් රංගන හේරත් කඩුලු පහ බැගින් ටෙස්ට් තරගවලදී  වැඩියෙන්ම දවාගත් ක්‍රීඩක ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්ව සිටිනවා.

මුත්තයියා මුරලිදරන් අවස්ථා 67කදී කඩුලු පහ බැගින් ලබා මුල් තැන සිටින  අතර 37වරක් කඩුලු පහ බැගින් දවාලූ ෂේන් වොන් දෙවන ස්ථානයේ පසුවනවා.

රිචඩ් හැඩ්ලි සහ අනිල් කුම්බ්ලේ තුන්වන සහ හතරවන ස්ථානවල පසුවනවා.

අද ලකුණු පුවරුව පහතින් දැක්වෙනවා.


 

 

..............................

උපුල් තරංග ලකුණු 71කට දැවී යයි

15-07-2017 13:15

නායක උපුල් තරංග ලකුණු 71ක් ලබා සිටිය දී දුවද්දී දැවී ගියා. 

දිමුත් කරුණාරත්න රැස් කළේ ලකුණු 25ක් පමණයි. 

කුසල් මෙන්ඩිස් ලකුණු 11කට දැවී ගියා. 

නායක දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා. 

---------------------------

රංගන හේරත් වාර්තා පොත් අතරට (UPDATE) (15-07-2017 / 13:15)

සිම්බාබ්වේ පළමු ඉණිම ලකුණු 356කට සීමා වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිම්බාබ්වේ පළමු ඉණිම ලකුණු 356කට අද (15) සීමා වුණා. 

සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ ලකුණු 160ක් රැස් කළ ක්‍රෙග් අර්වින්. 

පන්දු යැවීමේ දී රංගන හේරත් ලකුණු 116කට කඩුලූ 05ක් දවා ගැනීමට සමත් වුණා. 

අසේල ගුණරත්න සහ ළහිරු කුමාර අතරේ කඩුලූ දෙක බැගින් ඛෙදී ගියා. රංගන හේරත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ කඩුලූ 05 බැගින් දවා ගත් තිස් වන අවස්ථාව ලෙස  මෙය වාර්තා පොත් අතරට එක් වුණා. 

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි. 

පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව මේ වන විට දෙදෙනෙකු දැවී ලකුණු 115ක් ලබා සිටියා. 

---------------------------------

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ දෙවන දිනය අදයි (15-07-2017 / 11:11)

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. 

මේ වන විට සිම්බාබ්වේ පිළ රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 356ක්.

 ශ්‍රී ලංකාව කිසිවෙකුත් නොදැවී ලකුණක් 32 ලබා සිටිනවා.

මේ වන විට රංගන හේරත් දවාගෙන ඇති මුළු කඩුලු සංඛ්‍යාව පහක්. 

ඊයේ දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ පිළ කඩුලු 8ක් දැවී ලකුණු සංඛ්‍යාව 344 ක් ලබා සිටියා.