මීතොටමුල්ල කසළ කන්ද කඩාවැටීමෙන් විපතට පත්වූවන්ට තවමත් සැලකිය යුතු සහනයක් ලැබී නොමැති බව ඉන් පීඩාවට පත් ජනතාව පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම ඛේදවාචකය සිදුවී මාස 03ක් ගත වී ඇතත් බලධාරීන් ඊට පැහැදිලි විසදුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවයි.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පසු ඒ අවට ප්‍රදේශය අවදානම් කලාපයක් ලෙස නම් කෙරුණා.
අවදානම් කලාපයේ ඇති නිවාස සහ අලාභ හානි සිදු වූ නිවාස වලට ලබා දී ඇති වන්දි මුදල් ප්‍රමාණවත් නොමැති බවයි විපතට පත් ජනතාව පවසන්නේ.
උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් විපතට පත් ජනතාවට සුපර් ලාක් ක්‍රමයට වන්දි ලබා දුන්න ද මීතොටමුල්ල ජනතාවට එවැනි වන්දියක් ලබා නොදීම කණගාටුවට කරුණක් බව ද එම ජනතාව පෙන්වා දෙනවා.
මේ ඒ පිළිබඳ කරුණු දක්වන මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතීඥ නුවන් බෝපගේ අදහස් දැක්වූවා.
මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් ජනතාවට සාධාරණ විසදුමක් ලබා නොදුන් රජයේ බලධාරීන්ට, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් විපතට පත් ජනතාවට ද සාධාරණයක් ඉටු නොකරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.