ශ්‍රී ලංකාවේ නව ආයෝජන සහ වෙළඳ අවස්ථාවන් විමසා බැලෙන විශේෂ ආයෝජන සමුළුවක් අද (15) ඩකා අගනුවරදී පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ ආයෝජකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද ඒ සඳහා සහභාගි වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
ආයෝජන සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ එරට නිළ සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.
බංගලාදේශ සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ පිරිවැටුම වසරකට අමෙරිකාන් ඩොලර් මිලියන 142ක් වනවා.
එය ඉදිරි වසර කිහිපය තුළ තෙගුණයකින් ඉහළ නංවා ගැනීම පිළිබඳ දෙරටේ නායකයින් මීට පෙර ඇති කර ගත් එකඟතාවන් පිළිබඳව ද මෙම සමුළුවේදී අවධානයට යොමු කෙරුණා.