සේරුනුවර මාවිල්ආරු අමුණ නැරඹීමට ගිය සිසුන් පිරිසක් අතරින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල ප්රදේශයේ පාසලක ගුරුවරුන් හා සිසුන් 80 දෙනෙකුගේකගේ පිරිසක් මෙම චාරිකාවට එක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඔවුන්ගෙන් සිසුන් 06 දෙනෙකු ගුරුවරුන්ට නොදන්වා අමුණ අසළ තිබූ බෝට්ටුවක් පදවාගෙන ගොස් තිබෙනවා. බෝට්ටුව පෙරළීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඒ අතරින් දෙදෙනෙකුයි. මෙම සිසුන් දෙදෙනා 11 වන සහ 18 වන වියේ පසු වුණා.