ශ්රී ලංකාව මේ වන විට ආර්ථික වශයෙන් පරිහානියට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වත්මන් ආණ්ඩුවේ අදූරදර්ශී ප්රතිපත්ති හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවද එතුමා පැවසුවා.
හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පානදුර ප්රදේශයේ පැවැති නිදහස් කලා සන්ධානයේ සුවද හමුවකට එක්වෙමිනි.
2015 ජනවාරි 08 වන දින රටේ තිබූ සල්ලිවලට මේ වන විට සිදු වූ දෙයක් නැතැයිද, මේ වන විට රට ආර්ථික වශයෙන් පහත වැටීමේ වරදද තම ආණ්ඩුව මත පටවා ඇතැයිද ඔහු පවසනවා. වත්මන් ආණ්ඩුවේ වැරදි වසා ගැනීමට පසුගිය ආණ්ඩුවේ නැති වැරදි පෙන්වමින් කටයුතු කරන බව අවධාරණය කළ හිටපු ජනාධිපතිවරයා එය නටන්න බැරි මිනිහට පොළොව ඇදයි වගේ වැඩක් බව පවසනවා.
වත්මන් ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බවත්, ජනතාව මේවනවිට මේ ආණ්ඩුව පිරිහී ඇති බව පිළිගෙන ඇති බව ඔහු පෙන්වා දෙනවා.
ආණ්ඩුව බලයට පත්වීමට පෙර ලබාදුන් මැතිවරණ පොරොන්දු ආණ්ඩුව බලයට පත්වන තෙක් පමණක් කට මැද දෙඩවූ ඒවා පමණක් බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නෙ.