Monday, September 23, 2024

General line - 0115112241

විදේශිකයින් සතුටු කරන්නයි කොමදෝරු දසනායක අත්අඩංගුවට ගත්තේ!




හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක, අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ විදේශිකයින් සතුටු කිරීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසනවා. ඔහු ඒ බව පැවසුවේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු කොමදෝරු ඩී.කේ.පී දසනායකගේ සුවදුක් බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.   

නාවික හමුදා රෝහලට යවන්න කියල වෙද්‍යවරු නිර්දේශ කරල තියෙද්දි ඇමතිගෙ බලපෑමට තමයි බන්ධනාගාර නිලධාරීන්ට මේ නීති විරෝධී පියවර අරගෙන තියෙන්නෙ. මේ දවස්වල ලංකාවට ඇවිත් ඉන්නව සුද්දෙක්. එක්සත් ජාතීන් සංවිධානයේ මානවහිම්නම් නිලධාරියෙක්. ඒ සුද්ද ලංකාවෙ ඉන්නකොට පත්තරවල පලවෙන්න ඕන මේ වගේ අත්තඩංගුවට ගැනීම් ගැන ප්‍රවෘත්ති. යුද අපරාධවලට දඬුවම් කරනවා කියල ප්‍රවෘත්ති. අන්න ඒ ප්‍රවෘත්තිය හදල දෙන්න තමයි කොමදෝරු දසනායක අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ.

ශ‍්‍රී ලංකාවේ හමුදාවන් කිසිවිටෙකත් ජාත්‍යන්තරය හමුවේ පවා නොදෙන බවට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා කරන ප‍්‍රකාශ අසත්‍යයක් වී ඇතැයි ද විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා. 

කොමදෝරු ඩී. කේ පී දසනායක අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධියකට සැකපිටය.